පූර්ණ එන්නත සහතික කරන ඩිජිටල් සහතිකයක් සැප්තැම්බර් 15 න් පසු නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ සැප්තැම්බර් මස මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් 75% කට දෙවන මාත්‍රාව ලැබීමට අපේක්ෂා කරන බවයි.
සැප්තැම්බර් මාසය වන විට රටේ එන්නත් කිරීමේ වැඩසටහනේ තත්ත්වය මත පදනම්ව ඩිජිටල් කාඩ්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
මේ අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාග කර තිබේ.
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලෙස පරිත්‍යාග කර තිබෙන අතර එය එලඹෙන 28 වනදා මෙරටට ළඟාවෙනු ඇති බව වාර්තා වේ.














එක එක කාඩ් ගහන්නේ නැතුව යාවත්කාලින කරන්න පුළුවන් විදිහට ජාතික හැදුනුම් පත හදලා හැම විස්තරයක්ම ජාතික හැදුනුම් පතේ චිප් එකකට updet කලොත් හොද නැද්ද.එතකොට එක කඩ එකයි.හැමදේම එකේ තියනවා.තව ඉස්සරහට මොන මොන ඒවාට කාඩ් හදන්න වෙයිද දන්නෙත් නැනේ.