මාත්‍රා දෙකම ගත්තත් මංගල මිය ගියේ ඇයි? හේතුව මෙන්න

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්ග පැවැසීය.

කොවිඞ් නියුමෝනියාව තත්ත්වය නිසා ඒ මහතා පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

රෝහල්ට ඇතුළත් කරන අවස්තාවේ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරු ව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමක දී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය උත්සන්නවීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.

මේ අතර මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදු වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
98
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41