spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාත්‍රා දෙකම ගත්තත් මංගල මිය ගියේ ඇයි? හේතුව මෙන්න

අභාවප‍්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතා කොවිඞ් පාලනය සඳහා ලබාදෙන එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබූ බවට වාර්තා ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ මහතා දිගුකාලයක සිට නිධන්ගත දියවැඩියා රෝගයෙන් සහ වකුගඩු දුර්වලතා රෝගයෙන් පෙළී ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර ලබමින් සිට ඇතැයිද වෛද්‍ය ආරංචි මාර්ග පැවැසීය.

කොවිඞ් නියුමෝනියාව තත්ත්වය නිසා ඒ මහතා පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ දින කිහිපයක් ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

රෝහල්ට ඇතුළත් කරන අවස්තාවේ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරු ව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමක දී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වය උත්සන්නවීමෙන් ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.

මේ අතර මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු සිදු වූ අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
98
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?