Empty Ad
AFC Banner
Empty Ad

නිවෙස්වල රඳවා ඇති ආසාදිතයින්ට වැදගත් දුරකථන අංක කිහිපයක්

කොවිඩ් රෝගීන් සඳහා පවතින රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

“අපේ ප්‍රධාන අරමුණ සංකූලතාවලින් පීඩාවිඳින රෝගීන් සඳහාම රෝහල් වෙන්කර දීම.”

මේ අතර නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ඉන්දික කරුණාරත්න මහතා පැහැදිලි කළේය.

“නිවසේ ඉන්නකොට ඔබට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුණොත් 1990 සුවසැරිය ජාලය අමතන්න. ඔබ ඉන්සේ බස්නාහිර පළාතේ නම් ඔබ කොවිඩ් පොසිටිව් හෝ ඒ සම්බන්ධ සැකකරනවා නම් කෙටි පණිවුඩයක් යවන්න පුළුවන් අංක 1904ට. වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍ය නම් අංක 247 අමතන්න. ශ්වසන අපහසුතා තියෙනවා නම් ඔබ  A කාණ්ඩයට අයත් වෙන්නේ. සුළු රෝග ලක්ෂණ නම් B කාණ්ඩය. රෝග ලක්ෂණ නැත්නම් C කාණ්ඩය. ඔබ හිතන කාණ්ඩය, වයස, ජාතික හැඳුනුම්පත් අංකය සමග කෙටි පණිවුඩයක් එවන්න 1904ට.”

නිවෙස්වල ප්‍රතිකාර කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමේ කටයුතු සඳහා වෛද්‍යවරුන් 1,500 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතියික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මෙරට දෛනික කොවිඩ් මරණ වැඩිවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා අදහස් පළ කළේය.

“මේ වනවිට මියයන අයගෙන් වැඩි පිරිසක් එන්නත් දෙකම ලබාගෙන නැති පිරිස්. වගකීම් විරහිතව වැඩකරන පිරිසක් නිසා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. මේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සිදුකළ යුතුයි. මේ වනවිට වෛද්‍යවරු 200කට අධික සංඛ්‍යාවක් කොවිඩ් වැලඳිලා ජීවිත අනතුරුවලට පත්වෙලා තියෙනවා. වෛද්‍යවරු 3 දෙනෙක් මියගිහින් තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.12
00:00
Video thumbnail
කිරිඳිඔය තරණය කරගෙන ගිහිං පොලිසියෙන් සොයාගත් අත් බෝ#බය
00:53
Video thumbnail
අසරණ අපි තමයි අපි හැමදාම දුක්විඳින්නේ
01:32
Video thumbnail
චතුරංග අබේසිංහ ආණ්ඩුවේ ඉදිරි දැක්ම කියයි
06:04
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18

?