නිවෙස්වල රඳවා ඇති ආසාදිතයින්ට වැදගත් දුරකථන අංක කිහිපයක්

කොවිඩ් රෝගීන් සඳහා පවතින රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බැවින් කොවිඩ් ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළාය.

“අපේ ප්‍රධාන අරමුණ සංකූලතාවලින් පීඩාවිඳින රෝගීන් සඳහාම රෝහල් වෙන්කර දීම.”

මේ අතර නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ඉන්දික කරුණාරත්න මහතා පැහැදිලි කළේය.

“නිවසේ ඉන්නකොට ඔබට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වුණොත් 1990 සුවසැරිය ජාලය අමතන්න. ඔබ ඉන්සේ බස්නාහිර පළාතේ නම් ඔබ කොවිඩ් පොසිටිව් හෝ ඒ සම්බන්ධ සැකකරනවා නම් කෙටි පණිවුඩයක් යවන්න පුළුවන් අංක 1904ට. වෛද්‍ය උපදෙස් ලබාගන්න අවශ්‍ය නම් අංක 247 අමතන්න. ශ්වසන අපහසුතා තියෙනවා නම් ඔබ  A කාණ්ඩයට අයත් වෙන්නේ. සුළු රෝග ලක්ෂණ නම් B කාණ්ඩය. රෝග ලක්ෂණ නැත්නම් C කාණ්ඩය. ඔබ හිතන කාණ්ඩය, වයස, ජාතික හැඳුනුම්පත් අංකය සමග කෙටි පණිවුඩයක් එවන්න 1904ට.”

නිවෙස්වල ප්‍රතිකාර කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමේ කටයුතු සඳහා වෛද්‍යවරුන් 1,500 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතියික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මෙරට දෛනික කොවිඩ් මරණ වැඩිවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා අදහස් පළ කළේය.

“මේ වනවිට මියයන අයගෙන් වැඩි පිරිසක් එන්නත් දෙකම ලබාගෙන නැති පිරිස්. වගකීම් විරහිතව වැඩකරන පිරිසක් නිසා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අහිමි වෙනවා. මේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සිදුකළ යුතුයි. මේ වනවිට වෛද්‍යවරු 200කට අධික සංඛ්‍යාවක් කොවිඩ් වැලඳිලා ජීවිත අනතුරුවලට පත්වෙලා තියෙනවා. වෛද්‍යවරු 3 දෙනෙක් මියගිහින් තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08