කොවිඩ් මර්දනයට එන්නත් දෙක ම අනිවාර්යයි – පැතිරීමත් 65% අඩුකරන බව සොයා ගැනේ

කොරෝනා වෛරස මර්දන එන්නත් දෙක ම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ට්විටර් පණිවිඩයේ නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර පවසන්නේ, එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකල හැකි බවයි.

එමෙන්ම එම ට්විටර් පණිවිඩයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් දක්වා තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසු ව බවයි ආචාර්ය ජීවන්දර පවසන්නේ.

නමුත් මීට පෙර කොරෝනා වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.

එමෙන්ම මීට පෙර ආසාදනය වූවෙකු දින තුනත් හතරත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර නව සොයාගැනීම් අනුව හෙළි වී ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින පහ හමාරේ සිට හය දක්වා දිගු වී ඇති බවයි.

ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්ය ජීවන්දර සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.

මේ අනුව ඔහු අවධාරණය කරන්නේ රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්