කොවිඩ් මර්දනයට එන්නත් දෙක ම අනිවාර්යයි – පැතිරීමත් 65% අඩුකරන බව සොයා ගැනේ

කොරෝනා වෛරස මර්දන එන්නත් දෙක ම ලබාගත් පුද්ගලයින් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා,ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ට්විටර් පණිවිඩයේ නිකුත් කරමින් ආචාර්ය ජීවන්දර පවසන්නේ, එනත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කරගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදුකල හැකි බවයි.

එමෙන්ම එම ට්විටර් පණිවිඩයේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් නව තොරතුරු ගණනාවක් සොයාගත් බවත් දක්වා තිබෙනවා.

ඒ අනුව ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු රෝගය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරනු ලබන්නේ දින දෙකකට පසු ව බවයි ආචාර්ය ජීවන්දර පවසන්නේ.

නමුත් මීට පෙර කොරෝනා වෛරසය ආශ්‍රිත සොයාගැනීම්වල දී වාර්තා වී තිබුණේ වෛරසය වැළඳුණු කෙනෙක් දින භාගයකට අසන්න කාලයක් තුල දී එය සම්ප්‍රේෂණය කිරීම ආරම්භ කරන බවයි.

එමෙන්ම මීට පෙර ආසාදනය වූවෙකු දින තුනත් හතරත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කළ අතර නව සොයාගැනීම් අනුව හෙළි වී ඇත්තේ එම රෝග ලක්ෂණ විද්‍යමාන කිරීමේ කාල සීමාව ආසන්න වශයෙන් දින පහ හමාරේ සිට හය දක්වා දිගු වී ඇති බවයි.

ඩෙල්ටා වෛරසයේ පැතිරයාමේ වේගය චීනයේ වූහාන් නගරයෙන් සොයාගත් පළමු වෛරසයට වඩා සිව් ගුණයක් බවත් ඇල්ෆා වෛරසයට වඩා දෙගුණයක් බවත් ආචාර්ය ජීවන්දර සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.

මේ අනුව ඔහු අවධාරණය කරන්නේ රෝග පාලන සහ රෝග ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය අතිශය තීරණාත්මක සාධකයක් බවට පත් ව ඇති බවයි.

  1. මෙයා මාර බඩුවක්නේ, 65% කියලා කියන්න තරම්, අරහේ හෝ ගාලා එන්නත් ගහපු අයට කොරෝනා හැදිලා, විද්‍යා වැරුම මිය ගිහිල්ලා , කොළඹ රෝහලේ වෛද්‍ය වරු 20 ගානකට රෝගය. බෝ වෙන්නේ 65 ලු. ඉතින් ඔච්චර වැද්දෙක් නම් හදපනකෝ ඖෂධ්දයක්. මුන්ගේ බොරු කයිය විතරයි. මුන්ට ඕනේ එන්නත කියන කුණු ගොඩ මිනිසුන්ගේ ඇඟට රිංගන්න. මේ කියන බොරු වලට මේ කරන අපරාධ වලට මුන්ගේ දරුවන්ට පවා දවසක හෙන ගහයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27