ස්පුට්නික් වී එකක් ගත් අයට සිදුවන දේ

රුසියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නතක් වන ස්පුට්නික් වී (Sputnik v) එක් මාත්‍රාවකින්ද ඉතා ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් විසින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්‌යේෂකයන්ද එක්කරගනිමින් සිදු කළ පර්‌යේෂණයක අවසන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ ආචාර්ය ජීවන්දර මේ බව තහවුරු කර ඇත.

එම පර්‌යේෂණයෙන් ස්පුට්නික් වී එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයන්ගේ සිරුරේ 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් නිර්මාණය කෙරෙන බව සොයාගෙන ඇත. පුද්ගලයන් 327 දෙනකුගෙන් සමන්විත නියැඳියකින් මෙම පර්‌යේෂණය සිදු කර තිබේ.

එසේම ස්පුට්නික් වී පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන ප්‍රතිශතය 82.6%ක් තරම් ඉහළ අගයක් ගනී. මෙම පර්‌යේෂණයට යොදාගෙන ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 04ක කාලයක් ගත කළ පුද්ගලයන්ය. කෙසේ වෙතත් ස්පුට්නික් වී එන්නතේ දෙවැනි මාත්‍රාවද නියමිත කාල පරාසයන් තුළ ලබා ගැනීම ඔස්සේ වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය කරගත හැකි බව ද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00