අද සිට තවත් නගර 20ක් වසා දැමේ

රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් 19 වසංගතය හමුවේ සිය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමේ තීරණයට එළැඹීමට දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් තීරණය කර ඇත. පසුගිය අ​ගෝස්තු 15 වැනිදා ගම්පහ නගරය අක්‍රිය කිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කිරීමත් සමග එම දිනය තුළ පමණක් ගම්පහද ඇතුළුව නගර 09ක් වසා දැමීමට එවායේ වෙළෙඳ සංගම් තීරණය කළේය.


ඉන් අනතුරුව පෙරේදා දිනයේ (16) තවත් නගර 11ක වෙළෙඳ සංගම්ද එම තීරණයට එළැඹුණ අතර ඒ අනුව පෙරේදා (17) පෙරවරුව වන විට වසා දැමීමට තීරණය කර තිබුණු නගර සංඛ්‍යාව 21 විය. ඉන් අනතුරුව පෙරේදා (17) පස්වරුව වන විට තවත් නගර 08ක් වසා දැමීමට තීරණය කෙරුණු අතර ඊට සමගාමීව පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන කයිසර් වීදියේද වෙළෙඳ කටයුතු අත්හිටුවනු ලැබීය.
මෙම තත්ත්වය ඊයේ (18) පස්වරුව වන විට තවදුරටත් වර්ධනය වූ අතර පිටකොටුවේ රෙදිපිළි හා තෑගි භාණ්ඩ තොග වෙළෙඳාමට ප්‍රසිද්ධ දෙවන හරස් විදියද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කළේය.මීට අමතරව අද (19) පෙරවරුව වන විට දිවයින පුරා වසා දමා ඇති සමස්ත නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.


ඒ අනුව අද (19) දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, අකුරැස්ස, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගර වසා දැමීමට තීරණය කෙරිණි. ඒ අනුව මේ වනවිට කඩසාප්පු වසා දමා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කර ඇති නගර සංඛ්‍යාව 43කි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළෙඳ සංගමය පවසයි.
කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළෙඳ සංගමයේ සභාපති වී.විජයසිංහම් මහතා ඊයේ (18) සවස පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී අදාළ තීරණය දැනුම්දෙනු ලැබීය.

නයන තරංග ගමගේ
මාධව කුලසූරිය – වවුනියාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?