අද සිට තවත් නගර 20ක් වසා දැමේ

රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් 19 වසංගතය හමුවේ සිය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටුවා ස්වේච්ඡාවෙන්ම අගුළු පනවා ගැනීමේ තීරණයට එළැඹීමට දිවයින පුරා ප්‍රධාන නගර රැසක වෙළෙඳ සංගම් තීරණය කර ඇත. පසුගිය අ​ගෝස්තු 15 වැනිදා ගම්පහ නගරය අක්‍රිය කිරීමට එම වෙළෙඳ සංගමය තීරණය කිරීමත් සමග එම දිනය තුළ පමණක් ගම්පහද ඇතුළුව නගර 09ක් වසා දැමීමට එවායේ වෙළෙඳ සංගම් තීරණය කළේය.


ඉන් අනතුරුව පෙරේදා දිනයේ (16) තවත් නගර 11ක වෙළෙඳ සංගම්ද එම තීරණයට එළැඹුණ අතර ඒ අනුව පෙරේදා (17) පෙරවරුව වන විට වසා දැමීමට තීරණය කර තිබුණු නගර සංඛ්‍යාව 21 විය. ඉන් අනතුරුව පෙරේදා (17) පස්වරුව වන විට තවත් නගර 08ක් වසා දැමීමට තීරණය කෙරුණු අතර ඊට සමගාමීව පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමේ යෙදෙන කයිසර් වීදියේද වෙළෙඳ කටයුතු අත්හිටුවනු ලැබීය.
මෙම තත්ත්වය ඊයේ (18) පස්වරුව වන විට තවදුරටත් වර්ධනය වූ අතර පිටකොටුවේ රෙදිපිළි හා තෑගි භාණ්ඩ තොග වෙළෙඳාමට ප්‍රසිද්ධ දෙවන හරස් විදියද දින කීපයකට වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කළේය.මීට අමතරව අද (19) පෙරවරුව වන විට දිවයින පුරා වසා දමා ඇති සමස්ත නගර සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.


ඒ අනුව අද (19) දිනයේ පොල්ගහවෙල තවලම, හොරණ, සියඹලාණ්ඩුව, තඹුත්තේගම, කඹුරුපිටිය, හැටන්, අකුරැස්ස, මීගමුව, කොච්චිකඩේ, වැලිගම, ඇඹිලිපිටිය, බිබිල, හාලිඇළ, අනුරාධපුරය, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, දඹුල්ල, වරකාපොළ හා මැදගම යන නගර වසා දැමීමට තීරණය කෙරිණි. ඒ අනුව මේ වනවිට කඩසාප්පු වසා දමා ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට තීරණය කර ඇති නගර සංඛ්‍යාව 43කි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පාලනය වෙනුවෙන් එළැඹෙන 20 වැනිදා සිට 25 වැනිදා දක්වා කිලිනොච්චිය නගරයේ සියලු වෙළෙඳසල් වසා දැමීමට තීරණය කළ බව කිලිනොච්චිය වෙළෙඳ සංගමය පවසයි.
කිලිනොච්චිය දිස්ත්‍රික් වෙළෙඳ සංගමයේ සභාපති වී.විජයසිංහම් මහතා ඊයේ (18) සවස පැවැත්වු මාධ්‍ය සාකච්ජාවකදී අදාළ තීරණය දැනුම්දෙනු ලැබීය.

නයන තරංග ගමගේ
මාධව කුලසූරිය – වවුනියාව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41