AFC Banner
Empty Ad
Empty Ad

භයානක කොවිඩ් මරණ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වු තැන

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (17) ලොව වැඩිම මරණ රටවල් අතරින් 14 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

worldometers වෙබ් අඩවිය වාර්තා කළේ ඊයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ 167ත් සමග ආසියායේ 9 වැනි ස්ථානය දක්වා ලංකාව ඉදිරියට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 6263කි.

ලොව මේ වන විට වැඩිම කොවිඩ් මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 638,798කි.

ඇමෙරිකාවට පසුව වැඩිම මරණ බ්‍රසීලයෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 569,581කි.

ඉන්දියාවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 432,112ක් වන අතර, ඔවුන් කොවිඩ් මරණ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?