ඇමති ධූර හතක වෙනස්කම්

තව සුළු වේලාවකින් ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඇමතිධූර හතක වෙනස්කම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර අධ්‍යාපන, විදුලිබල, ජනමාධ්‍ය හා විදේශ කටයුතු යන අමාත්‍යධුරයන්හි වෙනස්කම් සිදු කෙරෙන බවට වාර්තා වුණා.

කෙසේ වෙතත් අද පෙරවරු 11 ට සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී තවත් අමාත්‍යංශ තුනක ඇමති තනතුරු මාරුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අද සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය ධූර හතක වෙනස්කම් සිදුවිය හැකි බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනයට ලක් කිරීමට තීරණය වී ඇති බවයි වාර්ථා වන්නේ.මීට අමතරව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ දරණ කැබිනට් අමාත්‍ය ධූරයත් සංශෝධනයට ලක් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
00:00
Video thumbnail
ඉර කැපුවට මටත් දඩ කොල දුන්නා ඇයි මෙයා විතරක් යවන්නේ? දඩ කොලයක් නිසා උණුසුම් තත්ත්වයක්
03:46
Video thumbnail
නීති විරෝධීව කළ මහා පරිමාණ සැමන් ජාවාරමක් වටලයි - සියල්ල විනාශ කළ අයුරු
02:56
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34