ඇමති ධූර හතක වෙනස්කම්

තව සුළු වේලාවකින් ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඇමතිධූර හතක වෙනස්කම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර අධ්‍යාපන, විදුලිබල, ජනමාධ්‍ය හා විදේශ කටයුතු යන අමාත්‍යධුරයන්හි වෙනස්කම් සිදු කෙරෙන බවට වාර්තා වුණා.

කෙසේ වෙතත් අද පෙරවරු 11 ට සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී තවත් අමාත්‍යංශ තුනක ඇමති තනතුරු මාරුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අද සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය ධූර හතක වෙනස්කම් සිදුවිය හැකි බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනයට ලක් කිරීමට තීරණය වී ඇති බවයි වාර්ථා වන්නේ.මීට අමතරව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ දරණ කැබිනට් අමාත්‍ය ධූරයත් සංශෝධනයට ලක් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

  1. කරත්තේ ඉන්න ගොන්නු දෙන්නව දෙපැත්තට මාරු කලාට වෙඩක් නැහෙ . හයියෙන් යන්න පුලුවන් ගොනෙක් හරි දෙන්නෙක් හරි දමනවා මිසක ; අනික අශ්වයාගෙ වෙඩ බූරුවන්ට කල නොහැකිය, මේ මාරු කිර්‍රිම කිසිම වෙඩකට නැහෙ . රැවටීමක් පමනයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40