spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති ධූර හතක වෙනස්කම්

තව සුළු වේලාවකින් ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ඇමතිධූර හතක වෙනස්කම් සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

මීට පෙර අධ්‍යාපන, විදුලිබල, ජනමාධ්‍ය හා විදේශ කටයුතු යන අමාත්‍යධුරයන්හි වෙනස්කම් සිදු කෙරෙන බවට වාර්තා වුණා.

කෙසේ වෙතත් අද පෙරවරු 11 ට සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී තවත් අමාත්‍යංශ තුනක ඇමති තනතුරු මාරුවක් පිළිබඳ අවධානය යොමු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව අද සිදුකෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී අමාත්‍ය ධූර හතක වෙනස්කම් සිදුවිය හැකි බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අද සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධුර සංශෝධනයට ලක් කිරීමට තීරණය වී ඇති බවයි වාර්ථා වන්නේ.මීට අමතරව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ දරණ කැබිනට් අමාත්‍ය ධූරයත් සංශෝධනයට ලක් කිරීමට අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?