මුහුණු ආවරණ නොමැතිව නිවසින් එළියට යන්නේ බලාගෙනයි

අද දින සිට මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව කිසිම හේතුවක් නිසා මුහුණු ආවරණයක් නො පැලඳ නිවසෙන් එළියට නොයන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොවිඩ් 19 වෛරසය පෙර නොවූ විරූ පරිදි ඉතාමත් සීඝ්‍රයෙන් දිවයින පුරා පැතිර යන බවත් එය මර්දනය කිරීමට නම් මූලික සෞඛ්‍ය නීතිරීති වලට ජනතාව දැඩිව අනුගත විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

2020 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රකාශයට පත් කෙරුණු මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයෙන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව වන නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථානයක මුහුණු ආවරණ පැළඳ නොසිටින යම් තැනැත්තෙකුට එරෙහිව නිරෝධායන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද දඬුවම් පැමිණවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව එවැනි වරදක් සිදු කරන තැනැත්තෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙම නීතිය යටතේ මේ වන විටත් මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙන් පනස් තුන් දහසකට අධික පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් අරඹයා අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?