මුහුණු ආවරණ නොමැතිව නිවසින් එළියට යන්නේ බලාගෙනයි

අද දින සිට මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මේ අනුව කිසිම හේතුවක් නිසා මුහුණු ආවරණයක් නො පැලඳ නිවසෙන් එළියට නොයන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කොවිඩ් 19 වෛරසය පෙර නොවූ විරූ පරිදි ඉතාමත් සීඝ්‍රයෙන් දිවයින පුරා පැතිර යන බවත් එය මර්දනය කිරීමට නම් මූලික සෞඛ්‍ය නීතිරීති වලට ජනතාව දැඩිව අනුගත විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

2020 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රකාශයට පත් කෙරුණු මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයෙන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව වන නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථානයක මුහුණු ආවරණ පැළඳ නොසිටින යම් තැනැත්තෙකුට එරෙහිව නිරෝධායන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද දඬුවම් පැමිණවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව එවැනි වරදක් සිදු කරන තැනැත්තෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙම නීතිය යටතේ මේ වන විටත් මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙන් පනස් තුන් දහසකට අධික පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් අරඹයා අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
01:35
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට දුන්න සව් දන්සැල
01:21
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ
01:32
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම සෙට් එක
01:22
Video thumbnail
නිවසක තිබියදී අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි
00:59
Video thumbnail
රජයේ සේවකයන්ට හාල් ණයට දෙනවා - ආණ්ඩුව මෙච්චර වැටිලද ?දැනෙන ප්‍රමාණයට තෙල් මිල අඩු කරන්න
01:49
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව IMF එක අගයයි - IMF නියෝජිත පිරිසක් ජනාධිපතිව හමුවෙයි
05:00
Video thumbnail
තෙල් මිල අඩු කිරීම ගැන අපි සතුටු වෙනවා - සියලුම දේශීය නිෂ්පාදනවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට
07:27
Video thumbnail
ගම්පොල නගරයේ ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ දන්සලක්
01:51