රෝහල් කාර්ය මණ්ඩලය මේ කොරෝනා අවදානමෙන් මිනිස්සුන්ව බේරගන්න මිල කළ නොහැකි කැපකිරීමක් කරනවා.
ඒ කැපකිරීම වචනයෙන් කියලා නිම කරන්න අපිට බෑ..
රැයක් දවාලක් නැතිව කෑමක් බීමක් නැතිව සමහර හෙදියන් කරන සේවය ගැන බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ එවන් හෙදියක් අවසන් ගමන් ගිය දුක්බර සිදුවීමක් ගැනයි.
ඒ ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයා මේ විදිහට සටහන් කරලා තිබුණා.
හෙදියකගේ අනුවේදනීය දින සටහන්...
හෙදියකගේ නික්මයාම…
තවත් හෙදියක් ….තම ආදරණිය කැදැල්ල තුළ රාත්‍රී නින්දට ගිය පසු පසුදා උදෑසන පෙර පරිදි අවධිවූයේ නැහැ.
ඇය නින්දෙන්ම අවසන් ගමන් ගිහින්
එය එක්තරා විදියක සාමකාමී , නිදහස් මරණයක් …
ඇය එදා තෙක් ජීවිත ගමණ අවසාන වන තෙක්ම රෝගීන්ට සත්කාර කරා.
තරුණ වියේදී කසාද බැන්දා,
ඒ සියලු දේ සමග තම සේවාවේ වගකීම් අමතක කරේ නැහැ.
දරුවන් කුස තුළට ආවම ඒ දරු පැටියත් සමග මාස නවයම ඇය දිවා, රාත්‍රී සේවා මුර කළා..
ඇයට මෙළෙස දියණියන් දෙදෙනෙකුම ලැබුණා.
දරුවන්ට උගන්වන්න, පාසැල් ගෙනියන්න, ගෙදර වැඩ කරන්න ඇය කිසිදා පැකිලුනේ නැහැ.
කොතරම් දුෂ්කර වුවත් ජීවිතය, ඇය නිතරම සිතුවේ … මේ සියල්ලම තමා විසින් උපයපු දේ බැවින් ඇය එය සතුටින් කල යුතු දෙයක් බවය. අද එසේ සිතන අය අද අඩුය.
දරුවන් හඩද්දි, දෙතන මව්කිරි වලින් තෙත් වෙද්දි ඇය බොහෝ රාත්‍රීන් වෙන්කරේ දරුවන්ට වඩා රෝගීන්ටය.
අප මෙන්ම ඇයත් දිනපතාම පැමිණියේ රෝහලට වූවත් එහි ඇති රෝග නිධාන විවිධය. ඔවුනට කුමන රෝගයක් තිබුනද අප සියතින් ඔවුනට සත්කාර කළ යුතුය. එය අපගේ වගකීමය.
එම රෝගීන් අසාධ්‍ය වූවිට ඇයගේ ජීවිතය පරදුවට තබා ඇය ඔවුනගේ දිවි බේරූ අවස්ථා බොහෝ වන්නට ඇත.
එම රාජකාරීයෙන් බැහැර වූ විට නිවසට යන ඇය ඒ හා සමානම භාරදූර කාර්යයක් කරනුයේ තම පවුල රකින්නටය. ලොකු මහත් වන දියණියන් මවකට බරක්ය. සියලු කාරණා කාන්තාව වටා භ්‍රමණය වන විට ඇය ශාරීරිකවත් , මානසිකවත් හෙම්බත් වන බව බොහෝ අයට නොතේරෙනු ඇත.
උත්පත්තියත් සමග මේ සියලු නියමයන් ඉවසා සිටීමයද සීමාවක් ඇත.
දිවා රාත්‍රී නිදි නොලබා කරන ඔබේ මෙහෙය හදවතට දරා ගත හැකිද?
ඔබ නොකීවත් ඔබේ වෙහෙස ගතට දරා ගත හැකිද?
ඔබ නොකීවත් ඔබේ ආතතිය මනසට දරා ගත හැකිද?
එටිට අපටත් හොරා සියල්ල අපෙන් උදුරාගනු ඇත.
ඉවසල, ඉවසලා අවැසන එය දරා ගැනීමට නෙහැකි වූ විට, සියලු දුක් ඉසිලූ සිරුර පමණක් තබා ජීවය අපෙන් ඉවත් කරනු ඇත.
එය අප සැමට උරුම මරණය ලෙස ජීවන ගමන් මගේ සදහන් කර ඇත.
කොවිඩ් වැළදී නැති නුඹේ සිරුර, ඉන්පසු සියලු පුද සත්කාර , ගරු බුහුමන් ලබනු ඇත
ඔබට සුබ ගමන් මිතුරිය…..














Hediyak Kiyanne Dew Duwak Kiwoth Ma Weradie Ne….Mage Ammath Hediyak…E Wagema Daruwan 6Denekuge Mawak…Mama Ipadila Masa3k Vithara Yanakota Mage Malli Ammage Badata Awa Mama Pawle 5 Weniya…Rekiyawe Aviwekee Bawaya.Nisa Wenneti Masa3n Mawa Eyage Eyage Loku Aiyata Dunna Hadaganna..Eyalata Lamai Ne…Loku Mahath Wela Mama E Bawa.Danagattama Waira Kala.Eayata…E Mama Mage Mama Nenda Laga Ithamath Sepase Hadeddi…Mama E Gena Kanagatuwenawa…Eya Rajakariya Akuratama Itu Karapu HediyakKawadawath Warjana Walata Sahabqgi Une Ne…E Ath Dekin Melowa Eliya Dutu Jeevitha K9pamanakda?Mata Samawenna Amme…Earth Oyage Jeevite Awasana Kale Mama Oyawa Balagatta…Antimata Oyata Watura Ugurak Powanna Mama Wasanawantha Una..Eka Mata Satutak…Mata Harima Dukai May Hediyan Koitaram Nam Duk Uhulanawada….Obata Miwan Suwa Souriya…
Oba Gilinunta Uwaten Kala Pinama Ati MatuNiwan Dakinnata…Mage Ammatath Elesqmai