“තවත් හෙදියක් තම ආදරණිය කැදැල්ල තුළ නින්දෙන්ම අවසන් ගමන් ගිහින්.” – සියලු හදවත් කම්පා කළ සංවේදී කතාව

රෝහල් කාර්ය මණ්ඩලය මේ කොරෝනා අවදානමෙන් මිනිස්සුන්ව බේරගන්න මිල කළ නොහැකි කැපකිරීමක් කරනවා.

ඒ කැපකිරීම වචනයෙන් කියලා නිම කරන්න අපිට බෑ..

 

රැයක් දවාලක් නැතිව කෑමක් බීමක් නැතිව සමහර හෙදියන් කරන සේවය ගැන බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා.

 

මේ කියන්න යන්නේ එවන් හෙදියක් අවසන් ගමන් ගිය දුක්බර සිදුවීමක් ගැනයි.

 

ඒ ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයා මේ විදිහට සටහන් කරලා තිබුණා.

හෙදියකගේ අනුවේදනීය දින සටහන්...

හෙදියකගේ නික්මයාම…

තවත් හෙදියක් ….තම ආදරණිය කැදැල්ල තුළ රාත්‍රී නින්දට ගිය පසු පසුදා උදෑසන පෙර පරිදි අවධිවූයේ නැහැ.

ඇය නින්දෙන්ම අවසන් ගමන් ගිහින්

එය එක්තරා විදියක සාමකාමී , නිදහස් මරණයක් …

ඇය එදා තෙක් ජීවිත ගමණ අවසාන වන තෙක්ම රෝගීන්ට සත්කාර කරා.

තරුණ වියේදී කසාද බැන්දා,

ඒ සියලු දේ සමග තම සේවාවේ වගකීම් අමතක කරේ නැහැ.

දරුවන් කුස තුළට ආවම ඒ දරු පැටියත් සමග මාස නවයම ඇය දිවා, රාත්‍රී සේවා මුර කළා..

ඇයට මෙළෙස දියණියන් දෙදෙනෙකුම ලැබුණා.

දරුවන්ට උගන්වන්න, පාසැල් ගෙනියන්න, ගෙදර වැඩ කරන්න ඇය කිසිදා පැකිලුනේ නැහැ.

කොතරම් දුෂ්කර වුවත් ජීවිතය, ඇය නිතරම සිතුවේ … මේ සියල්ලම තමා විසින් උපයපු දේ බැවින් ඇය එය සතුටින් කල යුතු දෙයක් බවය. අද එසේ සිතන අය අද අඩුය.

දරුවන් හඩද්දි, දෙතන මව්කිරි වලින් තෙත් වෙද්දි ඇය බොහෝ රාත්‍රීන් වෙන්කරේ දරුවන්ට වඩා රෝගීන්ටය.

අප මෙන්ම ඇයත් දිනපතාම පැමිණියේ රෝහලට වූවත් එහි ඇති රෝග නිධාන විවිධය. ඔවුනට කුමන රෝගයක් තිබුනද අප සියතින් ඔවුනට සත්කාර කළ යුතුය. එය අපගේ වගකීමය.

එම රෝගීන් අසාධ්‍ය වූවිට ඇයගේ ජීවිතය පරදුවට තබා ඇය ඔවුනගේ දිවි බේරූ අවස්ථා බොහෝ වන්නට ඇත.

එම රාජකාරීයෙන් බැහැර වූ විට නිවසට යන ඇය ඒ හා සමානම භාරදූර කාර්යයක් කරනුයේ තම පවුල රකින්නටය. ලොකු මහත් වන දියණියන් මවකට බරක්ය. සියලු කාරණා කාන්තාව වටා භ්‍රමණය වන විට ඇය ශාරීරිකවත් , මානසිකවත් හෙම්බත් වන බව බොහෝ අයට නොතේරෙනු ඇත.

උත්පත්තියත් සමග මේ සියලු නියමයන් ඉවසා සිටීමයද සීමාවක් ඇත.

දිවා රාත්‍රී නිදි නොලබා කරන ඔබේ මෙහෙය හදවතට දරා ගත හැකිද?

ඔබ නොකීවත් ඔබේ වෙහෙස ගතට දරා ගත හැකිද?

ඔබ නොකීවත් ඔබේ ආතතිය මනසට දරා ගත හැකිද?

එටිට අපටත් හොරා සියල්ල අපෙන් උදුරාගනු ඇත.

ඉවසල, ඉවසලා අවැසන එය දරා ගැනීමට නෙහැකි වූ විට, සියලු දුක් ඉසිලූ සිරුර පමණක් තබා ජීවය අපෙන් ඉවත් කරනු ඇත.

එය අප සැමට උරුම මරණය ලෙස ජීවන ගමන් මගේ සදහන් කර ඇත.

කොවිඩ් වැළදී නැති නුඹේ සිරුර, ඉන්පසු සියලු පුද සත්කාර , ගරු බුහුමන් ලබනු ඇත

ඔබට සුබ ගමන් මිතුරිය…..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51