AFC Banner
Empty Ad
Empty Ad

එන්නත ලබා ගත්තත් ඔබ කළ යුතුම දේ

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කරගැනීම හේතුවෙන් එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

වැඩිදුරටත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.

“අපේ ලංකාවේ සියලුමදෙනා එන්නත් කර අවසන් වීමට පෙර ඔබ මාස්ක් එක ගැලෙව්වොත් අවට සිටින අයට මේක හැදෙන්න පුළුවන්.
එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඒ අයට හැදුනට මට හැදෙන්නේ නෑ කියලා.

ඒක නොවෙයි මෙතැන බරපතළ තත්ත්වය. ඔබ දන්නවාද මේ වෛරසය මාසයට දෙවරක් එයාගේ ප්‍රෝටීන වෙනස් කරනවා. එතකොට හිතන්න මේ සමාජයේ ඒක තිබුණා කියලා ඔබට හැදෙන්නේ නෑ. නමුත් මේක සමාජයේ තියෙනකොට වෙන්නේ ඩෙල්ටා, බීටා, ගැමා වශයෙන් ඒ වෛරසයේ නොයෙකුත් අලුත් ප්‍රභේද ඇති වෙන එකයි.”

කොරෝනා මර්දන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා
“අපි දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. එන්නත දීපූ පමණින් ඔබට ප්‍රතිශක්තිය ලැබෙන්නේ නෑ. පළමු මාත්‍රාව ගන්න ඕනෑ. දෙවැනි මාත්‍රාවත් ගන්න ඕනෑ. ඒකත් අරන් තවත් සති දෙකක් ගියාට පස්සෙයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. එතකොට අපි දන්නවා මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුම අයගෙන් සියයට අනූහයකට පළමුවැනි මාත්‍රාව දීලා තියෙනවා.

එහෙත් දෙවැනි මාත්‍රාව තවම ලබාදී තියෙන්නේ සියයට විසිපහක් වැනි සංඛ්‍යාවකට පමණයි. ඒ අනුව මේ මාසය තුළ ඉතිරි පිරිසටත් දෙවැනි මාත්‍රාව ලබාදෙන්න තියෙනවා.
එහෙමනම් මේ වෛරසයට අප ගොදුරු වුණොත් ඒ අවස්ථාවේදීම අපට මේ රෝගය හැදෙන්න පුළුවන්.

නිසි ආකාරව මේ එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයෙන් අපේ ආරක්ෂාව සැලසෙන්න නම් අවම වශයෙන් සැප්තැම්බර් මාසයේ මැද වෙනකන්වත් මේ විධියට ආරක්ෂාකාරීව යන්න වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?