එන්නත ලබා ගත්තත් ඔබ කළ යුතුම දේ

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කරගැනීම හේතුවෙන් එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

වැඩිදුරටත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියාසිටියේ පවතින තත්ත්වය හමුවේ එන්නත්කරණය සිදුකළ ද මුඛ ආවරණ පැලඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.

“අපේ ලංකාවේ සියලුමදෙනා එන්නත් කර අවසන් වීමට පෙර ඔබ මාස්ක් එක ගැලෙව්වොත් අවට සිටින අයට මේක හැදෙන්න පුළුවන්.
එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඒ අයට හැදුනට මට හැදෙන්නේ නෑ කියලා.

ඒක නොවෙයි මෙතැන බරපතළ තත්ත්වය. ඔබ දන්නවාද මේ වෛරසය මාසයට දෙවරක් එයාගේ ප්‍රෝටීන වෙනස් කරනවා. එතකොට හිතන්න මේ සමාජයේ ඒක තිබුණා කියලා ඔබට හැදෙන්නේ නෑ. නමුත් මේක සමාජයේ තියෙනකොට වෙන්නේ ඩෙල්ටා, බීටා, ගැමා වශයෙන් ඒ වෛරසයේ නොයෙකුත් අලුත් ප්‍රභේද ඇති වෙන එකයි.”

කොරෝනා මර්දන එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම පිළිබඳවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කරුණු පැහැදිලි කර තිබෙනවා
“අපි දැනගත යුතු වැදගත් කාරණයක් තියෙනවා. එන්නත දීපූ පමණින් ඔබට ප්‍රතිශක්තිය ලැබෙන්නේ නෑ. පළමු මාත්‍රාව ගන්න ඕනෑ. දෙවැනි මාත්‍රාවත් ගන්න ඕනෑ. ඒකත් අරන් තවත් සති දෙකක් ගියාට පස්සෙයි ප්‍රතිශක්තිය හැදෙන්නේ. එතකොට අපි දන්නවා මේ වනවිට වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුම අයගෙන් සියයට අනූහයකට පළමුවැනි මාත්‍රාව දීලා තියෙනවා.

එහෙත් දෙවැනි මාත්‍රාව තවම ලබාදී තියෙන්නේ සියයට විසිපහක් වැනි සංඛ්‍යාවකට පමණයි. ඒ අනුව මේ මාසය තුළ ඉතිරි පිරිසටත් දෙවැනි මාත්‍රාව ලබාදෙන්න තියෙනවා.
එහෙමනම් මේ වෛරසයට අප ගොදුරු වුණොත් ඒ අවස්ථාවේදීම අපට මේ රෝගය හැදෙන්න පුළුවන්.

නිසි ආකාරව මේ එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිකරණයෙන් අපේ ආරක්ෂාව සැලසෙන්න නම් අවම වශයෙන් සැප්තැම්බර් මාසයේ මැද වෙනකන්වත් මේ විධියට ආරක්ෂාකාරීව යන්න වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51