AFC Banner
Empty Ad
Empty Ad

රෝහල් වල මිනී ගොඩ ගැහිලා කියන කතාවේ ඇත්ත මෙන්න

දිවයින පුරා රෝහල් වල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඒ බව සොයා බැලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා ප්‍රකාශ කරයි.

එම අවස්ථාවේදී,

කලුබෝවිල රෝහල දාහතරක්,
ජාතික රෝහල පනහක්,
කලුතර රෝහල දහයක්,
පානදුර රෝහල දහයක්,
රාගම රෝහල හතළිස් හයක්,
ගම්පහ රෝහල හතරක්,
වතුපිටිවල රෝහල පහක්,
අයි ඩී එච් රෝහල එකක්,
හෝමාගම රෝහල එකක් යන ආදී වශයෙනි මළ සිරුරු තිබී ඇති බව දක්නට ලැබුණු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම සියලු මරණ කොවිඩ් නොවන අතර හඳුනා නොගත් වෙනත් හේතුවකින් සිදුවූ මරණද ඒ අතර වන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම මරණ මෙසේ ගොඩ ගැසීමට සිදු වී තිබෙන්නේ මෙම මරණ වල අයිතිකරුවන් විදෙස් ගතව සිටීම, වැරදි තොරතුරු ලබා දීම, මෙම මරණ අවසන් කටයුතු කිරීම සඳහා ආර්ථික තත්ත්වයක් නොමැති වීම, ඇතැම් ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථාන වලවල සිටීම වැනි කාරණා නිසා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.බස්නාහිර පළාතේ නගර සභා රැසකින් ම මරණ ආදාහනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර මෙම මරණ පරීක්ෂණ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීම සඳහා මරණ පරීක්ෂකවරුන් ද අලුතින් පත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?