රෝහල් වල මිනී ගොඩ ගැහිලා කියන කතාවේ ඇත්ත මෙන්න

දිවයින පුරා රෝහල් වල මළ සිරුරු ගොඩ ගැසී ඇති බවට මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ඒ බව සොයා බැලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මහතා ප්‍රකාශ කරයි.

එම අවස්ථාවේදී,

කලුබෝවිල රෝහල දාහතරක්,
ජාතික රෝහල පනහක්,
කලුතර රෝහල දහයක්,
පානදුර රෝහල දහයක්,
රාගම රෝහල හතළිස් හයක්,
ගම්පහ රෝහල හතරක්,
වතුපිටිවල රෝහල පහක්,
අයි ඩී එච් රෝහල එකක්,
හෝමාගම රෝහල එකක් යන ආදී වශයෙනි මළ සිරුරු තිබී ඇති බව දක්නට ලැබුණු බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙම සියලු මරණ කොවිඩ් නොවන අතර හඳුනා නොගත් වෙනත් හේතුවකින් සිදුවූ මරණද ඒ අතර වන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම මරණ මෙසේ ගොඩ ගැසීමට සිදු වී තිබෙන්නේ මෙම මරණ වල අයිතිකරුවන් විදෙස් ගතව සිටීම, වැරදි තොරතුරු ලබා දීම, මෙම මරණ අවසන් කටයුතු කිරීම සඳහා ආර්ථික තත්ත්වයක් නොමැති වීම, ඇතැම් ඥාතීන් නිරෝධායන මධ්‍යස්ථාන වලවල සිටීම වැනි කාරණා නිසා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.බස්නාහිර පළාතේ නගර සභා රැසකින් ම මරණ ආදාහනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර මෙම මරණ පරීක්ෂණ කටයුතු ඉක්මනින් සිදු කර ගැනීම සඳහා මරණ පරීක්ෂකවරුන් ද අලුතින් පත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43