ඊයේ සවස පිටකෝට්ටේ මංසන්ධියේ දී සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් කෝට්ටේ නගරාධිපති අයි.වී ප්‍රේමලාල් ට පහරදීමක් සිදුවී තිබෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම පහරදීම හේතුවෙන් කෝට්ටේ නගරාධිපති වරයාගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තාවන්නේ.
පහර කෑ නගරාධිපතිවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් දහතුනක් ගසා ඇති බවටයි වාර්තා වන්නේපහරදීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලිසිය විසින් සිදුකරනවා.














අවි ගත්තෝ අවියෙන් නසී, නගරාධිපති උනත් මැරයෙක් වාගෙ උනාම , තවත් මැරයෙක්ගෙන් කනවා ඉල්ලන් . කෙසෙ උනත් නගරාධිපති තුමාට ඉක්මන් නිවන් සුවය හෝ සවර්ගයෙ සෙතපෙන්න පතමි හැකි ඉක්මනින්, රෙස්ට් ඉන් පීස්