පාසල් විවෘත කරන දිනය : ගුරුවරුන් ගැන තීරණයක්

ඊයේ (03) දිනයේ දී විපක්ෂ මන්ත්‍රී රෝහිනි විජේරත්න මහත්මියගේ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් විවෘත කරන්නේ සියලු ගුරුවරුන්ට එන්නත් ලබාදීමෙන් පසුව බවයි.

මේ වන විටත් ගුරුවරුන් 80%කට පමණ එන්නත ලබාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් වසාගෙන සිටීම කළ හැකි දෙයක් නොවන බවයි. 

ගුරුවරුන්ගේ වැඩ වර්ජනයන් නිසා අඩු වරප්‍රසාද ලාභී දරුවන්ට බරපතළ අසාධාරණයක් ද සිදුව ඇති බවට අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා. 

වරප්‍රසාද සහිත දරුවන් අනිකුත් කාලයන්ට සහ අනිකුත් ළමුන්ට සාපේක්ෂව වඩා ඉගෙනුම් කටයුතුවල නිරත වුණු බවද එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පිළිතුරු දෙමින් සඳහන් කළා

  1. අධ්‍යාපන ඇමතිතුමා දන්න දේ නොවේ සත්‍යය. අඩු අදායම්ලාභී පවුළ්වල දුප්පත් දරුවන් online අධ්‍යාපනයෙන් ගිළිහුනේ වර්ජනයට පෙර සිටමයි. ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් කිසිම බළධාරියෙකු විසින් ගත්තේ නැහැ. එහි එක් ඛේදවාචකයක් තමයි online අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දරුවෙකු සියදිවි හානි කරගැනීම. Online උගැන්වීම ආරම්භ කළේ ගුරුවරුන් විසින්. ස්වේච්ඡාවෙන්ම . උසස් දියුණු පාසල්වල දෙමව්පියන් මුදල් එකතුකොට මසකට වරක් 45000 zoom package ලබාදී online අධ්‍යාපනය සාර්ථකව කරගෙන ගියා. 165, 510 ‍zoom package දැමූ ගුරුවරුන් විවිධ බාධා ඔස්සේ සිසුන් අඩකට වැඩිය සහභාගි නොවෙද්දී උගැන්වීම් කරගෙන ගියා. දුප්පත් දරුවන් ඉන්න දුප්පත් පාසල් කිසිවක් කරකියාගන්න බැරිව අසරණව සිටියා. ඒ නිසා online අධ්‍යාපනය පසුපස නොයා, ගුරුවරුන්ටටත්, දරුවන්ටත් බෙහෙත් දෙකම විද අවසන්වී මාසයකට පසුව සියලුම පාසල් ආරම්භ කර උගැන්වීමට පටන්ගන්න. දරුවන්ගේ මුහුණු දකිනවිට ගුරුවරුන් උගැන්වීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගුරුවරුන් ළඟ තිබෙන ඒ සහකම්පනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි, වසර 24 ක් මේ ගැටලුව නොවිසඳා කර අරින්නට පාලකයන්ටට හැකිවුනේ. මැති ඇමතිවරුනි, අපේ බත්පත උදුරන් ඔබ සැම දරුවන් සමඟ අධි සැප විඳින්න. අපි සුපුරුදු දුක විඳගෙන දැයේ දරුවන්ගේ අනාගතය සකසන්නම්. හැබැයි අපේ සෝසුසුම් මේ වා තලයට මුසුවී සොබා දහම විසින් පාරා වලල්ලක්වී ඔබ පසුපසම පැමිණේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22