ඊයේ (03) දිනයේ දී විපක්ෂ මන්ත්‍රී රෝහිනි විජේරත්න මහත්මියගේ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් විවෘත කරන්නේ සියලු ගුරුවරුන්ට එන්නත් ලබාදීමෙන් පසුව බවයි.
මේ වන විටත් ගුරුවරුන් 80%කට පමණ එන්නත ලබාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් වසාගෙන සිටීම කළ හැකි දෙයක් නොවන බවයි.
ගුරුවරුන්ගේ වැඩ වර්ජනයන් නිසා අඩු වරප්‍රසාද ලාභී දරුවන්ට බරපතළ අසාධාරණයක් ද සිදුව ඇති බවට අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
වරප්‍රසාද සහිත දරුවන් අනිකුත් කාලයන්ට සහ අනිකුත් ළමුන්ට සාපේක්ෂව වඩා ඉගෙනුම් කටයුතුවල නිරත වුණු බවද එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පිළිතුරු දෙමින් සඳහන් කළා




