ඊයේ (03) දිනයේ දී විපක්ෂ මන්ත්‍රී රෝහිනි විජේරත්න මහත්මියගේ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් විවෘත කරන්නේ සියලු ගුරුවරුන්ට එන්නත් ලබාදීමෙන් පසුව බවයි.
මේ වන විටත් ගුරුවරුන් 80%කට පමණ එන්නත ලබාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් වසාගෙන සිටීම කළ හැකි දෙයක් නොවන බවයි.
ගුරුවරුන්ගේ වැඩ වර්ජනයන් නිසා අඩු වරප්‍රසාද ලාභී දරුවන්ට බරපතළ අසාධාරණයක් ද සිදුව ඇති බවට අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
වරප්‍රසාද සහිත දරුවන් අනිකුත් කාලයන්ට සහ අනිකුත් ළමුන්ට සාපේක්ෂව වඩා ඉගෙනුම් කටයුතුවල නිරත වුණු බවද එහිදී අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරියට පිළිතුරු දෙමින් සඳහන් කළා














අධ්‍යාපන ඇමතිතුමා දන්න දේ නොවේ සත්‍යය. අඩු අදායම්ලාභී පවුළ්වල දුප්පත් දරුවන් online අධ්‍යාපනයෙන් ගිළිහුනේ වර්ජනයට පෙර සිටමයි. ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් කිසිම බළධාරියෙකු විසින් ගත්තේ නැහැ. එහි එක් ඛේදවාචකයක් තමයි online අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දරුවෙකු සියදිවි හානි කරගැනීම. Online උගැන්වීම ආරම්භ කළේ ගුරුවරුන් විසින්. ස්වේච්ඡාවෙන්ම . උසස් දියුණු පාසල්වල දෙමව්පියන් මුදල් එකතුකොට මසකට වරක් 45000 zoom package ලබාදී online අධ්‍යාපනය සාර්ථකව කරගෙන ගියා. 165, 510 zoom package දැමූ ගුරුවරුන් විවිධ බාධා ඔස්සේ සිසුන් අඩකට වැඩිය සහභාගි නොවෙද්දී උගැන්වීම් කරගෙන ගියා. දුප්පත් දරුවන් ඉන්න දුප්පත් පාසල් කිසිවක් කරකියාගන්න බැරිව අසරණව සිටියා. ඒ නිසා online අධ්‍යාපනය පසුපස නොයා, ගුරුවරුන්ටටත්, දරුවන්ටත් බෙහෙත් දෙකම විද අවසන්වී මාසයකට පසුව සියලුම පාසල් ආරම්භ කර උගැන්වීමට පටන්ගන්න. දරුවන්ගේ මුහුණු දකිනවිට ගුරුවරුන් උගැන්වීම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ගුරුවරුන් ළඟ තිබෙන ඒ සහකම්පනයේ ප්‍රතිඵලයක් ලෙස තමයි, වසර 24 ක් මේ ගැටලුව නොවිසඳා කර අරින්නට පාලකයන්ටට හැකිවුනේ. මැති ඇමතිවරුනි, අපේ බත්පත උදුරන් ඔබ සැම දරුවන් සමඟ අධි සැප විඳින්න. අපි සුපුරුදු දුක විඳගෙන දැයේ දරුවන්ගේ අනාගතය සකසන්නම්. හැබැයි අපේ සෝසුසුම් මේ වා තලයට මුසුවී සොබා දහම විසින් පාරා වලල්ලක්වී ඔබ පසුපසම පැමිණේවි.