ඉෂාලිනී නවාතැන් ගත් කාමරයේ බිත්තිය මත ලියා තිබුණේ මොනවා ද? සොහොයුරා හෙළි කළ කතාව මෙන්න – Video

තම නැගණියට ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මිය ගිය ඉෂාලිනී ජුඩ්ගේ සහෝදරයෙකු පවසනවා. ඔහු සදහන් කළේ යමක් බලාගෙන ලිවීමට ඇයට හැකි වුවත් ඉංග්‍රීසි අකුරු ගලපා ලිවීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවයි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය ඉෂාලිනී රැදී සිටි කුඩා කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශණ කණ්ඩායම් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මෙම වැකියේ සදහන් වූයේ එන් සාවුක්කු කාරනම් හෙවත් මගේ මරණයට හේතුව යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබද විශේෂඥයින් විසින් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එමෙන්ම එහි ඡායාරූපයක් ගෙන එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඔහු එහිදී කියා සිටියේ තම නැගනිය 7 ශ්‍රේණිය දක්වා පමණක් පාසල් අධ්‍යාපනය ලැබූ බැවින් ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.

මේ අතර, මෙම සිද්ධියට අදාළව මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ රැදී සිටි මිය ගිය ඉෂාලිනී දැරියගේ තවත් සොහොයුරෙකුගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු දැනට පිට්ටුගල ප්‍රදේශයේ අවන්හලක සේවය කරනු ලබනවා.

එමෙන්ම අද දිනයේදීත් මිය ගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

  1. රිෂාඩ් බදුර්දීන් ගෙ සල්ලි වලින් නඩුවක් උඩු යටි කුරු කරන සෙටි මෙ අද සිදුවන්නෙ ,පොලීසිය නඩු කාරයන් කලු කෝට් කාරයන් දේෂපාලුවන් කෝටි ගනන් සල්ලි වලට නීතිය උසාවිය දෙකට නමන අයුරු ඉදිරියෙදි දකින්න පුලුවන් , අන්තිමට ඉෂාලිනි දෙරිය තමන් විසින් සිය දිවි නසා ගත්තා සහ එම දෙරිය තමන් විසින් ඉල්ලා දූෂනය කරවා ගත්තාය කිය නඩු තින්දු ලැබී; පාහර රිෂාර්ඩ් පවුල එලියට එන්නෙ , සමහර විට ඉෂාලිනි දෙරියගෙ පවුලෙ තවත් කීප දෙනෙක් පරලොව යවමින් වෙනට පුලුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22