තම නැගණියට ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මිය ගිය ඉෂාලිනී ජුඩ්ගේ සහෝදරයෙකු පවසනවා. ඔහු සදහන් කළේ යමක් බලාගෙන ලිවීමට ඇයට හැකි වුවත් ඉංග්‍රීසි අකුරු ගලපා ලිවීමට තරම් අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී මිය ගිය ඉෂාලිනී රැදී සිටි කුඩා කාමරයේ බිත්තියක ලියා තිබූ වැකියක් සම්බන්ධයෙන් විමර්ශණ කණ්ඩායම් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
දෙමළ අදහසක් ඇති ඉංග්‍රීසියෙන් ලියූ මෙම වැකියේ සදහන් වූයේ එන් සාවුක්කු කාරනම් හෙවත් මගේ මරණයට හේතුව යන්නයි. මෙම වැකිය මිය ගිය දැරිය විසින්ම ලියන ලද්දක් ද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අකුරු පිළිබද විශේෂඥයින් විසින් ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එමෙන්ම එහි ඡායාරූපයක් ගෙන එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
ඔහු එහිදී කියා සිටියේ තම නැගනිය 7 ශ්‍රේණිය දක්වා පමණක් පාසල් අධ්‍යාපනය ලැබූ බැවින් ඉංග්‍රීසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.
මේ අතර, මෙම සිද්ධියට අදාළව මාළඹේ – පිට්ටුගල ප්‍රදේශයේ රැදී සිටි මිය ගිය ඉෂාලිනී දැරියගේ තවත් සොහොයුරෙකුගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඔහු දැනට පිට්ටුගල ප්‍රදේශයේ අවන්හලක සේවය කරනු ලබනවා.
එමෙන්ම අද දිනයේදීත් මිය ගිය ඉෂාලිනී දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.














රිෂාඩ් බදුර්දීන් ගෙ සල්ලි වලින් නඩුවක් උඩු යටි කුරු කරන සෙටි මෙ අද සිදුවන්නෙ ,පොලීසිය නඩු කාරයන් කලු කෝට් කාරයන් දේෂපාලුවන් කෝටි ගනන් සල්ලි වලට නීතිය උසාවිය දෙකට නමන අයුරු ඉදිරියෙදි දකින්න පුලුවන් , අන්තිමට ඉෂාලිනි දෙරිය තමන් විසින් සිය දිවි නසා ගත්තා සහ එම දෙරිය තමන් විසින් ඉල්ලා දූෂනය කරවා ගත්තාය කිය නඩු තින්දු ලැබී; පාහර රිෂාර්ඩ් පවුල එලියට එන්නෙ , සමහර විට ඉෂාලිනි දෙරියගෙ පවුලෙ තවත් කීප දෙනෙක් පරලොව යවමින් වෙනට පුලුවන්