රට විරුවන්ට සුභාරංචියක්: ගුවන් තොට නීති හෙට සිට ලිහිල් අතට

මැද පෙරදිග ඇතුළු බොහෝ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම සංචාරකයින්ට මෙරටට පැමිණීමේදී පණවා තිබූ ගුවන් තොටුපොළ නීතිරීති හෙට අගෝස්තු 1 සිට සංශෝධනය කර තිබෙනවා.නව සංශෝධනයන්ට අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගින් අදාල එන්නත් මාත්‍රා ලබා දින 14 ඉක්මවා ඇත්නම් සීමා කිරිමකින් තොරව ඔවුන්ව රැගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර ලැබෙනවා.සම්පූර්ණ කළ යුතු සුදුසුකම්එම නව නීතිරීති නිසා ගුවන් යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර හිමි වනවා.එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති මගින්ව ගුවන් යානයක එකවර ගෙන්වා හැක්කේ 75 දෙනෙකු පමණයි.විදේශ ශ්‍රමිකයන් හිර වීමඑසේ පැමිණෙන අය 14 නිරෝධායනයට යොමු විය යුතුව තිබෙනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල මගින් සීමා කිරීම මෙන්ම නිරෝධායන නීති රීති දැඩි වීම මත විශේෂයෙන්ම මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින් රැසකට මෙරටට පැමිණීමට නොහැකිවයි තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?