කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව දැරියක් ඝාතනය කරලා

නේහා පස්තුන් නැමැති 17 හැවිරිදි දැරියක ඇයගේ පවුලේ අය විසින්ම කෲර ලෙස මරා දැමීමේ සිදුවීමක් ගැන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.එයට හේතුව බවට සැක කෙරෙන්නේ ඇය කලිසමකින් සැරසී සිටීමයි. නේහා කලිසම් අඳිනවාට ඇයගේ පවුලේ ඇතැමුන් විරුද්ධත්වය දක්වා ඇත. ඇය මෙම ඇඳුමෙන් සැරසී ආගමික වතාවත්වල නියැළෙමින් සිටියදී ඇයගේ සීයා සහ ආච්චිද, බාප්පලාද ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ බව නේහාගේ මව වන සකුන්තලා දේවි පවසා තිබේ.

කලිසම් තිබෙන්නේ අඳින්නට බවත්, ඒ නිසා තමා ඒවා අඳින බවත් පවසමින් නේහා ඔවුන් සමග වාද කර තිබිණි. එය දුර දිග යාමෙන් පසු වැඩිහිටියන් සිය දියණියට පොලුවලින් කෲර ලෙස පහර දෙන්නට පටන් ගත් බවද සකුන්තලා දේවී සඳහන් කරයි. පසුව නේහා සිහිසුන් තත්ත්වයට පත්ව තිබිණි. එයින් පසු ඉහත කී වැඩිහිටියන් කුලී රියක් ගෙන්වා ගෙන ඇත්තේ නේහා රෝහලක් වෙත ගෙනයාමට බව පවසමිනි.

‘නමුත් ඔවුන් මට එන්න දුන්නෙ නැහැ. ඒ නිසා මම මගේ නෑදෑයන්ට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් පසුව දිස්ත්‍රික්කයේ රෝහල වෙත ගියත් දියණිය එහි දකින්න ලැබී තිබුණේ නැහැ.’ යනුවෙන් සකුන්තලා පවසා තිබිණි. පසුදා උදයේ ඇයට, එම ප්‍රදේශයේ පාලමකින් එල්ලෙමින් ඇති කාන්තා මළ සිරුරක් ගැන දැනගන්නට ලැබී තිබිණි. ඇය පවසන පරිදි, එහි ගොස් බලද්දී ඔවුන්ට දැක ගන්නට ලැබී තිබුණේ ඒ නේහා ගේ මළ සිරුර බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. ඒ දැරියගේ සීයා, ආච්චි, බාප්පා කෙනෙකු සහ කුලී රථයේ රියදුරා යන අයය.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09