AFC Banner
AFC Banner
Empty Ad

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව දැරියක් ඝාතනය කරලා

නේහා පස්තුන් නැමැති 17 හැවිරිදි දැරියක ඇයගේ පවුලේ අය විසින්ම කෲර ලෙස මරා දැමීමේ සිදුවීමක් ගැන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.එයට හේතුව බවට සැක කෙරෙන්නේ ඇය කලිසමකින් සැරසී සිටීමයි. නේහා කලිසම් අඳිනවාට ඇයගේ පවුලේ ඇතැමුන් විරුද්ධත්වය දක්වා ඇත. ඇය මෙම ඇඳුමෙන් සැරසී ආගමික වතාවත්වල නියැළෙමින් සිටියදී ඇයගේ සීයා සහ ආච්චිද, බාප්පලාද ඇයගේ ඇඳුම සම්බන්ධයෙන් විරෝධය දැක් වූ බව නේහාගේ මව වන සකුන්තලා දේවි පවසා තිබේ.

කලිසම් තිබෙන්නේ අඳින්නට බවත්, ඒ නිසා තමා ඒවා අඳින බවත් පවසමින් නේහා ඔවුන් සමග වාද කර තිබිණි. එය දුර දිග යාමෙන් පසු වැඩිහිටියන් සිය දියණියට පොලුවලින් කෲර ලෙස පහර දෙන්නට පටන් ගත් බවද සකුන්තලා දේවී සඳහන් කරයි. පසුව නේහා සිහිසුන් තත්ත්වයට පත්ව තිබිණි. එයින් පසු ඉහත කී වැඩිහිටියන් කුලී රියක් ගෙන්වා ගෙන ඇත්තේ නේහා රෝහලක් වෙත ගෙනයාමට බව පවසමිනි.

‘නමුත් ඔවුන් මට එන්න දුන්නෙ නැහැ. ඒ නිසා මම මගේ නෑදෑයන්ට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් පසුව දිස්ත්‍රික්කයේ රෝහල වෙත ගියත් දියණිය එහි දකින්න ලැබී තිබුණේ නැහැ.’ යනුවෙන් සකුන්තලා පවසා තිබිණි. පසුදා උදයේ ඇයට, එම ප්‍රදේශයේ පාලමකින් එල්ලෙමින් ඇති කාන්තා මළ සිරුරක් ගැන දැනගන්නට ලැබී තිබිණි. ඇය පවසන පරිදි, එහි ගොස් බලද්දී ඔවුන්ට දැක ගන්නට ලැබී තිබුණේ ඒ නේහා ගේ මළ සිරුර බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. ඒ දැරියගේ සීයා, ආච්චි, බාප්පා කෙනෙකු සහ කුලී රථයේ රියදුරා යන අයය.

සහන් වික්‍රමගේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර උතුරට ගිහින් ටෝක්ස් දෙන්නේ යුද්ධෙ ඉවර කරපු නිසා
07:38
Video thumbnail
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහභාගීවන දසත ප්‍රහාරය සජීවීව
01:28:09
Video thumbnail
අත්අඩංගුවට ගන්න ලිස්ට් එකේ අපේ නම තියෙනවා
03:52
Video thumbnail
මේ වගේ කතා ජනාධිපති අනුරගෙන් රටට ඕනි - මහින්දගේ මුව හමට තඩිබාලා හරියන්නේ නෑ
04:25
Video thumbnail
අපි එදා මහින්ද රාජපක්ෂ එක්ක හිටගත්තු නිසා - අද අනුරත් උතුරට යන්න පුළුවන්
01:58
Video thumbnail
ආණ්ඩුව මිනිස්සුන්ට දුන්න පොරොන්දු පුස්සක් බවට පත්වෙලා
10:47
Video thumbnail
සජිත්ට තමයි මිනිස්සු වැඩි කැමැත්ත තියෙන්නේ #sajithpremadasa
04:23
Video thumbnail
ගෝල් ෆේස් වෙරළ පැත්තෙන් විශාල ශබ්දයක් - මිනිස්සු ෆුල් හොල්මන්
02:26
Video thumbnail
කටවචනෙට බොරු කියලා මිනිස්සු රැවට්ටුවා
04:22
Video thumbnail
වරායෙන් එළියට ගිය කන්ටේනර් ගැන - රටේ ජනතාවට ඇත්ත කියන්න
04:25

?