මාර්ගයක ගමන්කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා තුවාල සිදුකර ඇයගේ අත් බෑගය කොල්කෑමේ පුවතක් කොහුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කොහුවල, පීරිස් මාර්ගයේ ගමන්කරමින් සිටි කාන්තාවක් මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.
කොල්ල කෑ අත් බෑගය තුල අදාල කාන්තාවගේ ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනය, බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ්පත් හා රුපියල් දසදහස මුදලක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කොල්ල කෑම සිදුකළ සැකකරු මං කොල්ලය සඳහා යොදාගත් උල් පිහියත් සමඟ ගල්කිස්ස පොලිස් දූෂණ මර්ධන ඒකකය මඟින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බොරලැස්ගමුව, වේරහැරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 53ක පුද්ගලයෙකු වන අතර, ඔහු දැඩිලෙස මත්කුඩු පානයට ඇබ්බැහිවූවෙකු බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව කොල්ල කෑ අත්බෑගය වේරහැර, වැලිපාර ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයා ගෙන තිබෙනවා.