Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රෝහිත් ෂර්මා යළිත් මුම්බායි ඉන්දියන්ස් නායකත්වයට

2027 අයි.පී.එල් තරගාවලිය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මුම්බායි කණ්ඩායමේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න පිළිබඳව මාස ගණනාවක් පුරා පැවති සාකච්ඡාව අවසන් කරමින් එම කණ්ඩායමේ කළමණාකාරීත්වය ඊයේ මෙම තීරණය ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.

හර්දික් පාණ්ඩ්‍යා ඉවත් කිරීමෙන් සහ කියෙරොන් පොලාර්ඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුව, මුම්බායි කණ්ඩායම නැවතත් කණ්ඩායම මෙහෙයවීමට රෝහිත් තෝරා ගෙන ඇත්තේ සූර්යකුමාර් යාදව්, ජස්ප්‍රිත් බුම්රා සහ තිලක් වර්මා වැනි අනෙකුත් විකල්ප පසෙකට තබමින්.

මුම්බායි කණ්ඩායම මෙහෙයවමින් අයි.පී.එල් ශූරතා පහක් දිනා දුන් රෝහිත්, හර්දික් පාණ්ඩ්‍යා වෙනුවට නැවත නායකත්වයට පත්කර ඇති අතර, වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං සම්බන්ධ හුවමාරු ගිවිසුමක් හරහා පාණ්ඩ්‍යා පන්ජාබ් කිංග්ස් කණ්ඩායම හා එක්වීමත් සමඟ මෙම වෙනස සිදු වුණා.

“අයි.පී.එල් තරගාවලියේ 20 වැනි අදියරට මුහුණ දීමටත්, ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීමටත්, අපගේ රසික පිරිසට සැමරීමට බොහෝ අවස්ථා ලබා දීමටත් මම සූදානමින් සිටිනවා. අපගේම ක්‍රීඩා විලාසය ක්‍රියාත්මක කිරීම, කණ්ඩායමක් ලෙස එක්ව තරග කිරීම සහ ක්‍රීඩාව විඳිමින් ක්‍රීඩා කිරීම කෙරෙහි අපගේ අවධානය යොමු වනු ඇති,” යනුවෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නිකුත් කළ නිවේදනයක රෝහිත් සඳහන් කර තිබෙනවා.

2013 වසරේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නායකත්වය භාරගත් රෝහිත්, 2023 අයි.පී.එල් තරගාවලියෙන් අනතුරුව එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවා.

ඔහු වෙනුවට හර්දික් පාණ්ඩ්‍යා නායකයා ලෙස පත් කෙරුණා.

රෝහිත්ගේ නායකත්වය යටතේ මුම්බායි කණ්ඩායම 2013, 2015, 2017, 2019 සහ 2020 වසරවලදී IPL ශූරතා දිනා ගත් අතර, 2013 වසරේ පැවති ‘චැම්පියන්ස් ලීග් T20’ (CLT20) තරගාවලියේ ශූරතාව ද දිනාගැනීමට සමත් වුණා.