Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රට යළි ගොඩනැගීමේ අරමුදලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලක්ෂ 25ක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ රට යළි ගොඩනැගීම සඳහා රජය ස්ථාපිත කළ ‘Rebuilding Sri Lanka’ අරමුදලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රුපියල් මිලියන 2.5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ භාර දෙනු ලැබුවා.

මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රසික ගුණපාල, භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය දිලීප අමරසූරිය යන ඇතුලු සාමාජිකයන් පිරිසක් එක්ව සිටියා.