2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2026 දෙසැම්බර් මස 04 වන සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
2027 වර්ෂයේ නව පාසල් වාරය 2027 ජනවාරි 04 වන සඳුදා දින ආරම්භ වන බවයි එම අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
ඒ අනුව, මෙම පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්,සහ පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දෙනවා.










