කුක් දූපත්වල සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් වන රුචිරා සෙව්වන්දි රණසිංහ ආරක්ෂිතව යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මැදිහත්වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් නවසීලන්ත රජයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් නවසීලන්තයේ ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය කැමරන් බෲවර් වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ගැටලුව විසඳීම සඳහා නවසීලන්ත ආගමන කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීම අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
රුචිරා සෙව්වන්දි රණසිංහ ආරක්ෂිතව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා සුදුසු රාජ්‍යතාන්ත්‍රික හා කොන්සියුලර් ක්‍රියාමාර්ග අඛණ්ඩව ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.










