ශ්රී පුර පොලිස් වසමේ මීඔය වැලිඇල ඇනිකට් අසල ඊයේ (25) දින සවස දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වූ තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූ තරුණයා තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මොහු යාය 12 ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අතුරුදන් වූ තරුණයා සොයා ප්රදේශවාසීන් හා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිව සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර ශ්රී පුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
