පාස්කු ඉරු දින ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (25) නියෝග කළා.
සිද්ධියට අදාලව විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කිරීමට කරන ලද ඉල්ලීමට අදාල නියෝගය කියවා දෙමින් මහේස්ත්රාත්වරයා මෙලෙස නියෝග කරනු ලැබුවා.
මෙම සිද්ධියට අදාලව ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.










