Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආගමික සහජීවනයට බාධා කළායැයි කියන රාජාංගනයේ සද්ධාරතනට වරෙන්තු

චීවරධාරී රාජාංගනයේ සද්ධාරතනට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ආගමික සහජීවනයට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය හරහා ආන්දෝලාත්මක ප්‍රකාශ කළැයි කියන සිද්ධියට අදාලව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද මෙලෙස (25) වරෙන්තු නිකුත් කළා.

තවද ඇපකරුවන්ට නොතිසී නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නිකුත් කරනු ලැබුවා.

සිද්ධියට අදාලව අද (25) දිනයේ දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

ඒ ආනුව, කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කෙරුණ.

සිද්ධියට අදාල නඩුව රස පරික්ෂක වාර්තා සදහා පෙබරවාරි 24 වන දින යළි කැඳවිමට නියමිතයි.