එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනත යටතේ එල්ල වූ චෝදනා තුනකට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් අද (25) ලබාදුන් නියෝගයකට අනුවයි.
එමෙන්ම, අදාළව එකලස් කර සන්තකයේ තබාගෙන සිටි වාහනය රාජසන්තක කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙහිදී පළමු චෝදනාවට රුපියල් පන්දහසක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.
දෙවන චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කර ඇති බව සඳහන්.
එමෙන්ම, දෙවන චෝදනාවට අදාළව මාසයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
තුන්වන චෝදනාවට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කර ඇති අතර, එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.
