ශ්‍රී ලංකාව සහ චීනය අතර අද (නොවැම්බර් 24) අත්සන් තබන ලද ගිවිසුමක් යටතේ, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන්ගේ ධාරිතාව සංවර්ධනය කිරීමට සහ පොලිස් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට චීනය සහාය ලබා දීමට නියමිත බවට වාර්තාවෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න විසින් පොලිස් මූලස්ථානයේදී අද උදෑසන මෙම ගිවිසුමට අත්සන් තැබුවා.
නවීන තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමකින් යොදා ගනිමින් සිදු කෙරෙන නවීන අපරාධ ක්‍රමවේදයන් හඳුනා ගැනීමටත්, එවැනි අපරාධ හමුවේ වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සතු හැකියාවන් ශක්තිමත් කිරීම මෙම සහාය මගින් අපේක්ෂා කෙරෙනවා.
මෙම ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.










