හෘද රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් (Enoxaparin Sodium) එන්නත් 920,000ක් සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය චීන සමාගමකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව 4,000 IU / 0.4 ml ප්‍රමාණයේ පෙර පුරවා ඇති එන්නත් හෝ වයල් තොගයක් මෙලෙස මිලදී ගැනීමට නියමිතයි.
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවා ඇති අතර ඊට ලංසු 07ක් ඉදිරිපත්ව තිබෙනවා.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන චීනයේ Shenzhen Techdow Pharmaceutical Co. Ltd සමාගම වෙත පිරිවැය හා ගැල් කුලී මිල ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.










