මුහුදු සත්තු ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීතිවිරෝධීව සිදුකෙරෙන මුහුදු කූඩැල්ලන් සහ මුහුදු කටුස්සන් ඇතුළු සත්ත්ව ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 300කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගැනීමත් සමඟය.

ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී තමිල්නාඩුවේ රාමනාදන්පුරම් හි වෙඩලායි වෙරළ තීරයේ දී එම මුහුදු කූඩැල්ලන් තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිය භාරයට ගෙන තිබේ.

එම මුහුදු කූඩැල්ලන් බෝට්ටු 24කින් මෙරටට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික වන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී පිරිසක් පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 7දෙනෙකු තමිල්නාඩු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට මුහුදු කූඩැල්ලන්, මුහුදු කටුස්සන් මෙන්ම ඩොල්ෆින් කරමල් ද නීති විරෝධිව මෙරටට ප්‍රවාහනය කරන බවට මෙහිදි තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර රාමේෂ්වරම් සිට මන්නාරම් බොක්ක දක්වා මුහුදු කටුස්සන් සහ ඩොල්ෆින් කරමල් තොගයක් මෙරටට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ජාවාරම්කරුවන් පිරිසක් ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?