මුහුදු සත්තු ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නීතිවිරෝධීව සිදුකෙරෙන මුහුදු කූඩැල්ලන් සහ මුහුදු කටුස්සන් ඇතුළු සත්ත්ව ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 300කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගැනීමත් සමඟය.

ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී තමිල්නාඩුවේ රාමනාදන්පුරම් හි වෙඩලායි වෙරළ තීරයේ දී එම මුහුදු කූඩැල්ලන් තමිල්නාඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිය භාරයට ගෙන තිබේ.

එම මුහුදු කූඩැල්ලන් බෝට්ටු 24කින් මෙරටට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික වන බව තමිල්නාඩු බලධාරීන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේදී පිරිසක් පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 7දෙනෙකු තමිල්නාඩු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට මුහුදු කූඩැල්ලන්, මුහුදු කටුස්සන් මෙන්ම ඩොල්ෆින් කරමල් ද නීති විරෝධිව මෙරටට ප්‍රවාහනය කරන බවට මෙහිදි තොරතුරු අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ අතර රාමේෂ්වරම් සිට මන්නාරම් බොක්ක දක්වා මුහුදු කටුස්සන් සහ ඩොල්ෆින් කරමල් තොගයක් මෙරටට ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ජාවාරම්කරුවන් පිරිසක් ද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39