බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 23 මධ්‍යම රාත්‍රී දක්වා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉලෙක්ට්‍රෝණික පද්ධතියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක් හේතුවෙන් මෙලෙස මෙම සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමට සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ කාලය තුළ ආදායම් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබූ සියලු වාහන සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව නොවැම්බර් මස 25 වනදා සිට 27 වනදා දක්වා ආදායම් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය මඟින් මාර්ග ගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ අද සිට ලබන 23 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ද දෙපාර්තමේන්තුව පවසනවා.
