Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උසස් අධ්‍යාපනයට බෙලරුස් යන සිසුන් වීසා ගාස්තුවලින් නිදහස් වෙයි

උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රථමවරට බෙලරුස් වෙත පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අයකරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

පසුගිය මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සිදුකළ එරට නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වූ බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

එමෙන්ම බෙලරුස් හී අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයින් එරටට පැමිණීම සඳහා වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමටද අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.