ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් නඩුවකට සම්බන්ධ සැකකරුවෙකු පිටුවහල් කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් යටතේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් සැකකරු රඳවා තබා ගැනීමෙන් පසු ඉන්දියාවට පිටුවහල් කර ඇති බවට වාර්තාවෙනවා.
පුදුමඩම් ඉම්රාන් ලෙස හඳුනාගෙන ඇති සැකකරු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමෙන් පසු බැංගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව NIA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
සැකකරු විසින් කැනඩා ඇතුළුව යුරෝපා රටවලට සංක්‍රමණය වීමට අවශ්‍ය වීසා ලබාදෙන ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකිකයන් මුලා කරමින් විශාල මුදල් තොගයක් වංචා කර ඇති බවට වාර්තාවෙනවා.
එලෙස වංචණිකව මුදල් ලබාගැනීමෙන් අනතුරුව එම පුද්ගලයන් ඉන්දියාවට කැඳවාගෙන ගොස් අතරමං කිරීම සැකකරුගේ සිරිතක් බවට සොයාගෙන තිබෙනවා. එලෙස අතරමංව සිටී ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් වලංගු ලේඛණ නොමැති චෝදනා යටතේ ඉන්දීය ආරක්ෂක අංශය විසින් අත්අඩංගුට ගෙන තිබුණා.
ඔවන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඉම්රාන් නැමැති මෙම සැකකරුට එරෙහිව ඉන්දියාවේදී නඩුවක් ද පවරා ඇති අතර, අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීම සඳහා ඔහු විදේශ රටවල සැඟවී සිටීමට උත්සාහ කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඉන්දියානු බලධාරීන් විසින් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත්කර තිබු පසුබිමක, සැකකරු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කර තිබෙනවා.
