Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මිරිස්ස මුහුදු තීරයේ දියේ ගිලෙමින් සිටි විදේශිකයන් දෙදෙනෙක් බේරාගනී

අද (14) උදෑසන මිරිස්ස වෙරළට ඔබ්බෙන් ගිලෙමින් සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ජීවිතාරක්ෂකයින් විසින් සාර්ථකව බේරාගෙන ඇති බවට වාර්තාවෙනවා.

ආසන්න වශයෙන් උදෑසන 7:45 ට පමණ මෙම සිදුවීම වාර්තාවී තිබෙනවා.

විදේශිකයන් දියේ ගිලෙමින් සිටින බව දුටු වෙරළාරක්ෂක ජීවිතාරක්ෂකයින් වහාම මැදිහත් වී භයානක දියේ ගිලීමේ තත්වයකට මුහුණ දී සිටි පුද්ගලයින් බේරා ගත්තා.

බේරාගත් සංචාරකයින් 25 හැවිරිදි ඊජිප්තු ජාතික රාමදාන් සහ 31 හැවිරිදි පේරු ජාතික ෆ්ලෝර් ලෙස හඳුනාගෙන තිබෙනවා. පුද්ගලයින් දෙදෙනාම තුවාල නොමැතිව ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් තිබෙනවා.