නිසි ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28කට වරද පිළිගත් චීන අයිස්ක්‍රීම් සමාගමකට මාලිගාකන්ද අධිකරණය විසින් රුපියල් 84,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකළ පරීක්ෂාවකදී අදාළ සමාගම අලෙවි කළ අයිස්ක්‍රීම් සාම්පල ලබාගෙන, එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ මහා නගර සභාවේ නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
එහිදී අදාළ අයිස්ක්‍රීම් සාම්පල නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට අනාවරණය වී ඇති බව වාර්තාවෙනවා.
ඒ අනුව, නිසි ප්‍රමිතියෙන් තොර අයිස්ක්‍රීම් අලෙවි කිරීම ඇතුළු චෝදනා 28ක් යටතේ අදාළ චීන අයිස්ක්‍රීම් සමාගමට එරෙහිව නඩු පැවරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
එම නඩුව ඊයේ (13) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම එම චෝදනා 28ටම වරද පිළිගෙන තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා අදාළ සමාගමට රුපියල් 84,000ක දඩ මුදලක් නියම කිරීමට නියෝග කළා.
