Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බ්‍රිතාන්‍යයේ විශාලතම ඇමෙරිකානු ගුවන් කඳවුරට ඉහළින් නාඳුනන ඩ්‍රෝන යානයක්

බ්‍රිතාන්‍යයේ RAF ලේකන්හීට් කඳවුරේ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරට ඉහළින් සිකුරාදා සවස්වරුවේ සැක සහිත එමෙන්ම නාඳුනන ඩ්‍රෝන යානයක් පියාසර කර තිබෙනවා.

කඳවුරේ ඉහල නිලධාරීන් “සැක සහිත අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම්” සඳහා ප්‍රතිචාර දැක්වූ නමුත් කිසිදු කාර්ය මණ්ඩලයකට, ගුවන් යානයකට හෝ යටිතල පහසුකම්වලට බලපෑමක් සිදු නොවූ බව එක්සත් ජනපද ගුවන් හමුදා ප්‍රකාශකයෙක් අවධාරණය කරනවා.

“අපගේ එක්සත් ජනපද සේවා සාමාජිකයින්, එක්සත් ජනපද සහ සත්කාරක ජාතියේ සිවිල් වැසියන්, කොන්ත්‍රාත්කරුවන් සහ අපගේ සියලු පවුල්වල ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා අපි අපගේ සත්කාරක ජාතියේ සගයන් සමඟ සමීපව කටයුතු කරන්නෙමු,” එම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එක්සත් ජනපද ගුවන් හමුදා ආරක්ෂක හමුදා නිලධාරීන් අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවලට ප්‍රතිචාර දක්වා ඇති බවත් තත්වය විසඳා ඇති බවත්ය.

“කරුණු තහවුරු කිරීම සඳහා අපි ඔවුන් සමඟ සමීපව කටයුතු කරමින් සිටිමු. නියමිත වේලාවට යාවත්කාලීන කිරීම් ලබා දෙන්නෙමු,” අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සිද්ධිය සම්බන්ධයෙන් එසේ ප්‍රතිචාර දක්වා තිබුණා.

මෑත සතිවලදී එක්සත් ජනපදය ඉරානයට පහර දීමට භාවිතා කළ බෝම්බ හෙලන ගුවන් යානා බ්‍රිතාන්‍යයෙන් පිටතට ගෙන ගොස් ඇති අතර විශාල ඉන්ධන පිරවුම් ගුවන් යානා බ්‍රිතාන්‍යයෙන් ජර්මනියට ගෙන ගොස් තිබෙනවා

ඒ අතරම පසුව නිකුත්කළ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වූයේ මෙම කඳවුරට ඉරානයෙන් තර්ජනයක් එල්ල වී ඇති බවයි.