කිතුල්ගල ප්‍රදේශයේ ලොරි රථයක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබයි

කිතුල්ගල ප්‍රදේශයේ දී අද (11) දින උදෑසන ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයෙහි පැමිණි කාන්තාවක් සහ පිරිමි අයෙකු තුවාල ලබා තිබෙන බවට වාර්තාවෙනවා.

කිතුල්ගල පොලීසියේ මැදිහත්වීමෙන් තුවාලකරුවන් මේ වන විට රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි