හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී එම නඩුව කැඳවීමට නියමිත අතර, නඩුව සම්බන්ධ ඉදිරි ක්රියාමාර්ග නීතිපතිවරයා විසින් අධිකරණය වෙත වාර්තා කිරීමට නියමිතයි.
2023 වසරේදී රනිල් වික්රමසිංහ සිය භාර්යාව වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණා.
ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය සහ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්රියාමාර්ග පිළිබඳව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවටත් වාර්තාවෙනවා.
